ලොවේ කොයි කාටත් හොරෙන් - රෝහණ සිරිවර්ධන | Lowe koi katath horen - Rohana Siriwardena - sinhala lyrics


ලොවේ කොයි කාටත් හොරෙන්
ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
ඔබේ සිත් යහනේ //

නින්ද නොමැතිව හිඳින විට ඔබ
කවුළු දොර ළඟ මග බලා
සුළං රැල්ලේ එතී එන්නම්
රුවැත්තියෙ මා ඔබ සොයා

ලොවේ කොයි කාටත් හොරෙන්
ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
ඔබේ සිත් යහනේ

සුසුදු කවි ගී සෙමින් මුමුණන
ඔබේ තනි නොතනිය මකා
ළසඳ කැල්මේ වෙලී එන්නම්
රුවැත්තියෙ මා ඔබ සොයා

ලොවේ කොයි කාටත් හොරෙන්
ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
ඔබේ සිත් යහනේ //


ගායනය - රෝහණ සිරිවර්ධන
සංගීතය - ඩයමන්ඩ් පෙරේරා
පද රචනය - කිත්සිරි නිමල් ශාන්ත




වීඩියෝව ගත්තෙ මෙතනින් - Indiketi Hewage Rohan Indika

 

Comments

  1. පද: කිත්සිරි නිමල් ශාන්ත...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි...වෙනස් කලා

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...