ආශා ගඟ ගලනා ඔබගේ දෑසේ - චමිල මධුශාන් | Asha ganga galana obage dase - Chamila Madhushan - Sinhala lyrics


ආශා ගඟ ගලනා ඔබගේ දෑසේ
සැංගී සන්තාපෙන් දැවෙනා යාමේ
රහසින් විසඳා සිතුවිලි සසඳා
ලොවටම කියමි මැවෙනා මියෙනා
ආදරයත් දේදුන්න වාගේ //

ආශා ගඟ ගලනා ඔබගේ දෑසේ


හිස් වූ හිතකට මදිරා පුරවා
මත් කළ පමණින් හිත හිස් වේ නම්
හිස් බව පරදා ගත මත් කරලූ
ඔබගෙන් පැතු දේ මෙය නොව මා නම්
මාගෙන් පැතු දේ ඔබවත් නොදනී
ආදරය විසඳුම් නොදේවී

ආශා ගඟ ගලනා ඔබගේ දෑසේ


මිරිඟුව පස්සේ ලුහුබැඳ පැරදී
සුළඟට හැරදා වෙහෙසී පැරදී
පැන යන සිතකට සැනසිලි සුව දුන්
තැනකට යන්නට යනවා මා දැන්
ඔබගෙන් පැතු දේ මටවත් නොදැනේ
ආදරය සැසඳුම් නොදේවී

ආශා ගඟ ගලනා ඔබගේ දෑසේ
සැංගී සන්තාපෙන් දැවෙනා යාමේ
රහසින් විසඳා සිතුවිලි සසඳා
ලොවටම කියමි මැවෙනා මියෙනා
ආදරයත් දේදුන්න වාගේ //


ආශා ගඟ ගලනා ඔබගේ දෑසේ


ගායනය - චමිල මධුශාන්
ගී පද - කැළුම් ශ්‍රීමාල්
හින්දි ගී තනුවක් ඇසුරිනි




වීඩියෝව ගත්තෙ මෙතනින් - LASANTHA GAMLATH

Comments