යමන් බණ්ඩො වෙසක් බලන්න - වොලී බැස්ටියන් | Yaman bando wesak balanna - Wally Bastiansz


යමන් බණ්ඩො වෙසක් බලන්න
ගනින් බර බාගේ බඳින්න
පාර දිගේ එළි බල බල
මහ පාරේ හරි කලබල‍
යමන් බණ්ඩො වෙසක් බලන්න //

කොළඹ නගරෙ මගෙ බණ්ඩෝ
බජාර් එකේ මම සැන්ඩෝ
බින් කුන්ඩෝ කුරු කුන්ඩෝ
රජ්ජුරුවෝ මම බණ්ඩෝ
ඇයි බණ්ඩෝ යමන් පුතෝ
කොළඹ වෙසක් බලපන් ඩෝ
සුදු බණ්ඩෝ කළු බණ්ඩෝ
කොළඹ ගෑණු ලස්සනදෝ

යමන් බණ්ඩො වෙසක් බලන්න
ගනින් බර බාගේ බඳින්න
පාර දිගේ එළි බල බල
මහ පාරේ හරි කලබල‍
යමන් බණ්ඩො වෙසක් බලන්න

බණ්ඩ කොණ්ඩෙ බැඳලා ජයට
නැමි පනාව ගහලා උසට
ටුවිඩ් රෙද්ද ඇඳලා ජයට
අන්න බණ්ඩා යනවා කොළඹ
ඩබල් ඩෙකර් යනවා පාරේ
අයින් වෙයන් ඇයි යෝධියෙ
මාරු වුනොත් මගෙ මැණිකේ
මං මැරෙනවා කොළඹ නගරෙ

යමන් බණ්ඩො වෙසක් බලන්න
ගනින් බර බාගේ බඳින්න
පාර දිගේ එළි බල බල
මහ පාරේ හරි කලබල‍
යමන් බණ්ඩො වෙසක් බලන්න //


ගායනය, සංගීතය, ගී පද - වොලී බැස්ටියන්




වීඩියෝව ගත්තෙ මෙතනින් - goonewj

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...