ශෝක සැනසුම් වේදනාවන් - වික්ටර් රත්නායක | Shoka Sanasum Wedanawan - Victor Rathnayake


ශෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා..
ඈගෙ නිලුපුල් දෑසේ කඳුලැල්
ජීවිතේ මතු වාසනා..//

වීණා වෙතක් මැද ගී ගයන්නේ
පෑ සෙනේ හද මිහිර මවා..//
රන්කේලි බදිමින් මඟ සරසන්නේ
ජීවන ගමනේ පිහිට පතා...

ශෝක සැනසුම්...

මා සිහින විමානේ පැතුම් තටාකේ
ආදර කුසුමන් පිපී තියේ..//
සැනසීම හෝ වැනසීම ඔබගේ
ඔය නිල් දෑසේ රැදී තියේ...

ශෝක සැනසුම්...

ගායනය - වික්ටර් රත්නායක
සංගිතය - මර්වින් පෙරේරා
ගී පද - මීගොඩ විල්සන්


වීඩියෝව ගත්තෙ මෙතනින් - Ruchira Bandara

Comments