සමන් මලුයි රෝස මලුයි - බී පොසිටිව්, ලසිත පෙරේරා | Saman malui rosa malui - B Positive, Lasitha Perera


සමන් මලුයි රෝස මලුයි
ඕළු මලුයි නෙලුම් මලුයි
සුදු අරලිය පොකුරු පොකුරු
නිල් මානෙල් මල් පොහොට්ටු

යහනේ හොවා ඔබ සතපා
ඔබ සරසා ගිය විලසේ //

ආදරෙයි ආදරෙයි
ආදරෙයි ආදරෙයි //


මල් සුවඳයි ඔබෙ සුවඳයි
සිත සනසයි ගත පුබුදයි
සසර පුරාවට වසන තුරා
කිසිදා හැර නොයමි ඔයා


සමන් මලුයි රෝස මලුයි
ඕළු මලුයි නෙලුම් මලුයි
සුදු අරලිය පොකුරු පොකුරු
නිල් මානෙල් මල් පොහොට්ටු


ඔබෙ දිවියයි මගෙ දිවියයි
එකම එකයි වෙනස් නොවේ
හිරු සඳු මත මම දිව්රන්නම්
ඔය සුදු නළලත සිපගන්නම්


සමන් මලුයි රෝස මලුයි
ඕළු මලුයි නෙලුම් මලුයි
සුදු අරලිය පොකුරු පොකුරු
නිල් මානෙල් මල් පොහොට්ටු

යහනේ හොවා ඔබ සතපා
ඔබ සරසා ගිය විලසේ //

ආදරෙයි ආදරෙයි
ආදරෙයි ආදරෙයි //


ගායනය, සංගීතය, ගී පද - බී පොසිටිව්, ලසිත පෙරේරා



වීඩියෝව ගත්තෙ මෙතනින් - Gamini Hapugoda Arachchi/a>

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...