රෝස දෙතොලින් කියනා - ජූඩ් රොගන්ස් | Rosa detholin kiyana - Jude Rogans


රෝස දෙතොලින් කියනා
ආදරේ කවි තහනම්
නිසල සිත රිදවනවා
මතකෙ පැටලී නුඹ නම් //

නෙතේ නුඹෙ පෙන්වන්නේ
හදේ ගැඹුරුම තැන නම්
ඒ නෙතේ මා දුටුවේ
බොඳ නොවූ මගේ රුවනේ

රෝස දෙතොලින්...

පියුම ලෙස ඔබ පිපුණා
හද විලට ළං වීලා
නොදුටු ලෙස නුඹ යනවා
දුක හදට හුරු කරලා

රෝස දෙතොලින්..... //


ගායනය - ජූඩ් රොගන්ස්
සංගීතය - ගිහේන් නිෂාන්
ගී පද - මෙලාන් කරුණාතිලක




වීඩියෝව ගත්තෙ මෙතනින් - Music.lk

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...