නොකියාම එදා ඇසළ මහේ - වසන්තා සන්දනායක | Nokiyama eda esala mahe - වසන්තා සන්දනායක


නොකියාම එදා ඇසළ මහේ හඳ ඇති පායා
මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා //

නින්දේය එදා හිමි ඔබ යන විට මා උන්නේ
දැනුණා නම් පැන යන බව නෑ යන්නට දෙන්නේ //

මේ මාළිගයේ...
මේ මාළිගයේ දැන් මට මොන සැපතද ඇත්තේ
මා තාම නැතේ සඳළුතලෙන් පහළට බැස්සේ

පොඩි රාහුල පුතු හා මට දුක් ගින්දර දීලා
ගියෙ ඇයිද තපස් රැකුමට සිදුහත් හිමි රාජා


නොකියාම එදා ඇසළ මහේ හඳ ඇති පායා
මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා


සංසාර සැපේ කලකිරුණලු ඇත්තද ඒක
සිදුවීද නැතොත් මාගෙන් වරදක් කිසි දාක //

ගලවාල දමා...
ගලවාල දමා කණකර අබරණ හැම දාක
වැලපේවි යසෝදරා සොහොන් පිටියකි මේක

නින්දාව නිසා කපිලවස්තු පුර බැහැ ඉන්න
නොපමාවම ඇවිදින් අපවද ඔහි ගෙන යන්න


නොකියාම එදා ඇසළ මහේ හඳ ඇති පායා
මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා


ගායනය - වසන්තා සන්දනායක
ගී පද - මර්වින් සේනාරත්න




වීඩියෝව ගත්තෙ මෙතනින් - WasanthaSandanayake

Comments

  1. මේ දිනව නිරන්තරයෙන් සවන් වැකෙන ගීයක්.

    ReplyDelete
  2. ශ්‍රී ගෞතම සම්බුද්ධත්වයට අනුගාමී වූ මනහර ගීතයක් ...

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...