නුඹ අසාගෙනද සිටින්නේ - රන්දික සිල්වා | Numa asagenada sitinne - Randika Silva


නුඹ අසාගෙනද සිටින්නේ
මගෙ හද හඬන හඬ
නුඹ හට හැ‍ඟෙනවද
මා කිමද හඬන්නේ කියා

සිහින අතර ඔබ ඉන්න
ඒ සිහිනයක් මටත් දෙන්න //
ආදරයෙන් අමතන්න
මට බෑ යළිත් දිව එන්න

වැහි බිඳු අතරින් යන්න
මං ආසයි වැස්සෙ තෙමෙන්න //
වත තෙතබරිතව යන්න
මා හඬනා බැව් නොපෙනෙන්න

නුඹ අසාගෙනද සිටින්නේ
මගෙ හද හඬන හඬ
නුඹ හට හැ‍ඟෙනවද
මා කිමද හඬන්නේ කියා



ගායනය, ගී පද - රන්දික සිල්වා
සංගීතය - රවීන්ද්‍ර පැස්කුවෙල්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Randika Silva

Comments