මේ පහන් රැය - ආනන්ද ගුණසේකර | Me pahan reya - Ananda Gunasekara


මේ පහන් රැය සීතලයි
නිසසලයි අඳුරුයි
ඈ නුවන් දැල්වී නිවී යයි
මා සිතුම් සසලයි
මා සිතුම් සසලයි //

මුවරදින් පිරි මල් තලා එන
මද පවන සුවඳයි
පිපි ලවන් යුග මදහසින් නැගි
රස හැඟුම් මියුරුයි
රස හැඟුම් මියුරුයි

මේ පහන් රැය සීතලයි
නිසසලයි අඳුරුයි
ඈ නුවන් දැල්වී නිවී යයි
මා සිතුම් සසලයි
මා සිතුම් සසලයි

තුරු හිසින් නැගි සඳ රැහැන් මැද
අපේ ලොව නිසලයි
පහන් නොවෙනා මේ පහන් රෑ
නිසල බව සසලයි
නිසල බව සසලයි

මේ පහන් රැය සීතලයි
නිසසලයි අඳුරුයි
ඈ නුවන් දැල්වී නිවී යයි
මා සිතුම් සසලයි
මා සිතුම් සසලයි //


ගායනය - ආනන්ද ගුණසේකර
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - කුමාරදාස සපුතන්ත්‍රී




වීඩියෝව ගත්තෙ මෙතනින් - srishashe

Comments