මල් මුතුලැල් - උරේෂා රවිහාරී, ජගත් වික්‍රමසිංහ | Mal Muthulal - Uresha Ravihari, Jagath Wickramasinghe



මල් මුතුලැල් නිල් තුරුවැල් සකුණ විජිතයේ..
මා සඟවා තබයි ඔබේ රාජධානියේ..
ඇල් ගඟුලැල් නිල් දියරැල් සිහින නිම්නයේ...
මා සිතගාවමයි ඔබේ තාරකාවියේ...

හෝ...හෝ...හෝ...හෝ...
ම්..ම්...ම්...ම්....

නිල් නුගවිල් පුන් සඳ රැල් විසිරෙනා වෙලේ..
මේ හසකැන් මේ දෙණුවන් තාරකා දිලේ..
රන් රසුදැල් මල් හසරැල් සැසලෙනා හදේ..
මේ නිකැලැල් ජීවන මල් මාලතී පිපේ..
ජීවිතයෙන් ජීවිතේ වාසනා රැදේ...

මල් මුතුලැල්...

ගුම් විහඟුන් පෙම් පබැදුම් මුමුණනා උදේ..
මාරුතයෙන් චාමරවන් ගායනා රැදේ..
රන් සිහිනෙන් ගිම්නිමවින් සැතපෙනා දිනේ..
නෑ ලතැවුල් සෝ කඳුලැල් මා ඔබේ ලොවේ..
ජීවිතයෙන් ජීවිතේ වාසනා රැදේ..

මල් මුතුලැල්...

ගායනය : උරේෂා රවිහාරි, ජගත් වික්‍රමසිංහ
සංගීතය : සරත් ද අල්විස්


වීඩියෝව ගත්තෙ මෙතනින් - Nadee Nisansala

Comments

  1. මේ සින්දුව ආයෙමත් අහනකොට හිතුනා කොච්චර කාලෙකට ඉස්සෙල්ලද කියල මේක පළමු වතාවට ඇහුවෙ... මට මතක විදියට උරේෂගෙ ලස්සන කටහඬ ඇහෙන්න පටන් ගත්තු මුල් කාලෙ ආව සින්දුවක්ද කොහෙද....

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...