තොප්පි වෙළෙන්දෙක් දවසක් දා - සන්ෆ්ලවර් | Thoppi welendek dawasak da - Sunflower


තොප්පි වෙළෙන්දෙක් දවසක් දා
තොප්පි ගොඩක් කර තියන් ගියා
චුට්ටක් වැඩියෙන් අරගත් හින්දා
නිදිමත වගෙ දැණුනා //

රූස්ස ගහ ළඟ ඇලවී
තොප්පි ගොඩත් බිම පෙරළී
මහ තඩි කොටයක් ඉරනා සද්දෙන්
ගොරවන්නට ගත්තා
හීනෙකින් වගේ උඩ බැලූ කලේ
අර වඳුරු රෑන දුටුවා
මිනිහගෙ තොප්පිය වීසි කරනකොට
වඳුරොත් එහෙම කලා

තොප්පි වෙළෙන්දෙක් දවසක් දා
තොප්පි ටිකක් කර තියන් ගියා
චුට්ටක් වැඩියෙන් අරගත් හින්දා
නිදිමත වගෙ දැණුනා

නින්දෙන් ඇහැරී බැලුවා
තොප්පි නොමැති බව දැණුනා
පිස්සු ඩබල් වී මොලේ කචල් වී
මිනිහට තරු පෙණුනා
හීනෙකින් වගේ උඩ බැලූ කලේ
අර වඳුරු රෑන දුටුවා
මිනිහගෙ තොප්පිය වීසි කරනකොට
වඳුරොත් එහෙම කලා

අනුන්ගෙ දේවල් ගන්න එපා
වඳුරන් වාගේ වෙන්න එපා
අනුන් කරන දේ කරන්න ගියොතින්
අපිත් වඳු‍රො වෙනවා //

අපිත් වඳු‍රො වෙනවා ///

ගායනය, සංගීතය, ගී පද - සන්ෆ්ලවර්ස්, නීල් වර්ණකුලසූරිය




වීඩියෝව ගත්තෙ මෙතනින් - Amila Rangana

Comments

  1. මේ සින්දුව එළියට දාපු කාලෙ හොඳටම ජනප්‍රිය වුනු බවක් මතකයේ තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔව්... අවුරුදු 20කටත් කලින් මගෙ හිතේ... ඒ කැසට් එකේ සෑහෙන්න ජනප්‍රිය වුණ සින්දු තිබුණා. අවාසනාවකට ඒව දැන් හොයාගන්නත් අමාරුයි.

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...