රෝස පාට හැන්දෑව - කීර්ති පැස්කුවෙල් | Rosa pata handewa - Keerthi Pasquel


රෝස පාට මේ හැන්දෑ අහසම පාළු වෙලා
කතා නොකර මගේ පුංචි කිරිල්ලී නපුරු වෙලා
ගමෙන් ගියපු ටික කාලෙට නුඹ හරි වෙනස් වෙලා
මාත් උන්නේ හරි දුකකින් නුඹගෙන් දුරස් වෙලා
මාත් උන්නේ හරි දුකකින් නුඹගෙන් දුරස් වෙලා

සිලිලාරෙක මුදු සීතල තවරා කියපු කතා
පුංචි පැටව් කාලේ අපි දෙවැටේ පැන නටලා
වනමල් පළඳා මගේ පුංචි මනමාලි වෙලා
එදා බැන්ද හිත තාම තියෙනවා ඔයා පතා
එදා බැන්ද හිත තාම තියෙනවා ඔයා පතා

කවට කමට හිටියාට ටිකක් අපි තරහා වෙලා
මුරණ්ඩුකම් හොඳ නෑ අපි දැන් ලොකු ළමයි වෙලා
බිඳෙන් බිඳම බැඳි ආදරයත් දැන් ලොකු වැවක් වෙලා
මේ හාදුව අරගන්නකො ඩිංගක් හිනා වෙලා
මේ හාදුව අරගන්නකො ඩිංගක් හිනා වෙලා

රෝස පාට මේ හැන්දෑ අහසම පාළු වෙලා
කතා නොකර මගේ පුංචි කිරිල්ලී නපුරු වෙලා
ගමෙන් ගියපු ටික කාලෙට නුඹ හරි වෙනස් වෙලා
මාත් උන්නේ හරි දුකකින් නුඹගෙන් දුරස් වෙලා
මාත් උන්නේ හරි දුකකින් නුඹගෙන් දුරස් වෙලා


ගායනය - කීර්ති පැස්කුවෙල්
සංගිතය - සජිත් රාජපක්ෂ
ගී පද - චතුරිකා රන්සිමාලා



වීඩියෝව ගත්තෙ මෙතනින් - New Sinhala Songs

Comments