වැල යන අතටයි - සිහ ශක්ති | Wela yana athatai - Siha Shakthi


වැල යන අතටයි මැස්ස හදන්නේ
ගම යට කරගෙන වැල දිවයන්නේ //

ගම රට වැනසුනත් එකයි
අපි හෙට නැතිවුණත් එකයි //

අපි බැලුවේ එකම එකයි
වැලට මැස්ස හදන එකයි //

රළ යන අතටයි ඔරුව පදින්නේ
මකර කට වෙතයි රැල්ල ඇදෙන්නේ //

මකර කටට ගියත් එකයි
අපි හෙට නැතිවුණත් එකයි //

අපි බැලුවේ එකම එකයි
ඇදෙන අතට පදින එකයි //

පිටරට වෙතමයි ගත සිත යන්නේ
දෙස බස රැස ‍කොතැනද නවතින්නේ //

දෙස බස නැතිවුණත් එකයි
රට දැය වැනසුනත් එකයි //

අපි බැලුවේ එකම එකයි
වාසි පිලට ඇදෙන එකයි //


ගායනය - ආනන්ද පෙරේරා, සිහ ශක්ති




වීඩියෝව ගත්තෙ මෙතනින් - manel08uk

Comments