පායාලා මගේ ලොවේ - කීර්ති පැස්කුවෙල් | Payala mage lowe - Keerthi Pasquel


පායාලා මගේ ලොවේ
කාගේදෝ සිනා දිලේ
උදෑසනේ සැඳෑසමේ
සදාදරේ නවාතැනේ
පායාලා මගේ ලොවේ

පාට පාට සිහිනේ මා
මල් පාරුවේ නැගීලා
නීල දෑස පැටලීලා
ඔබ හා ගියේ ඇඳීලා
මිහිරාවියේ මගේ
මා බැන්ද ආදරේ
හැමදාම මේ වගේ
අඩු නෑ මගේ සිතේ

පායාලා මගේ ලොවේ
කාගේදෝ සිනා දිලේ

තාරකාව ඔබ නේදෝ
නිදනා සඳේ තුරුල්ලේ
මාළිගාව සිත නේදෝ
ඔබ මා තැනූ නිදැල්ලේ‍
මිහිරාවියේ අපේ
මේ පුංචි ලෝකයේ
මුතු වාගේ ආදරේ
දෙහදේ සදා දිලේ

පායාලා මගේ ලොවේ
කාගේදෝ සිනා දිලේ
උදෑසනේ සැඳෑ සමේ
සදාදරේ නවාතැනේ

පායාලා මගේ ලොවේ
කාගේදෝ සිනා දිලේ


ගායනය - කීර්ති පැස්කුවෙල්
සංගීතය - ස්ටැන්ලි පීරිස්
ගී පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ




වීඩියෝව ගත්තෙ මෙතනින් - Priyantha De Silva

Comments