ඔබේ උපන් දිනේ අදයි - මිල්ටන් මල්ලවාරච්චි | Obe upan dine adai - Milton Mallawarachchi


ඔබේ උපන් දිනේ අදයි
ඔබේ උපන් දිනේ
මේ පැතුම් මගේ ආදරේ
දිගුකල් යෙහෙන් සැරදේ
සඳ මෙන් පිරී දිලී ගුවන් තලේ

මා හා කියූ දේ ළං වී මුවෙන්
ගිලිහී ගියාදෝ ඔබගේ හදින්
කම් නෑ එයින් මා නොසැලී හිඳිම්
පිළිගන්වමී මගේ රුවන් පැතුම්

ඔබේ උපන් දිනේ අදයි
ඔබේ උපන් දිනේ
මේ පැතුම් මගේ ආදරේ
දිගුකල් යෙහෙන් සැරදේ
සඳ මෙන් පිරී දිලී ගුවන් තලේ

ඉවත හෙළාලා සෙනෙහේ කැළුම්
ඇයි මා පෙළන්නේ නොදොඩා මුවින්
කම් නැහැ එයින් මා නොසැලී හිඳින්
පිළිගන්වමී මගේ රුවන් පැතුම්

ඔබේ උපන් දිනේ අදයි
ඔබේ උපන් දිනේ
මේ පැතුම් මගේ ආදරේ
දිගුකල් යෙහෙන් සැරදේ
සඳ මෙන් පිරී දිලී ගුවන් තලේ


ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
තනුව - පැට්‍රික් දෙණිපිටිය
ගී පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන



වීඩියෝව ගත්තෙ මෙතනින් - sindika sampath

Comments

  1. මිල්ටන් මල්ල්වාරච්චි කියන්නනේ අපට හිටපු ඇත්තෙන්ම වටින ගායකයෙක් , මිනිස්සුන්ට දැනෙන්න සින්දු කියන්න ඔහුට තිබුනේ මරාම හැකියාවක්

    ReplyDelete
  2. KDK & පැට්‍රික් දෙනිපිටිය

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...