ආශා දෑසින් - දේවානන්ද වෛද්‍යසේකර | Asha dasin - Dewananda Waidyasekara


ආශා දෑසින් දකිනා සිහිනේ
මිහිර මැකී යනවා
ඒ සිහිනේ පුතු තනිකම ඉපදී
හද තුල තෙරපෙනවා
ඒ සිහිනේ පුතු තනිකම ඉපදී
හද තුල තෙරපෙනවා

ආ මග දෑලේ පිපි මල් පරවී
නෑ ඵල හටගන්නේ
සිතුවිලි මී මැසි පොදි නැත මී බැඳ
උන්මය රිදවන්නේ
සිතුවිලි මී මැසි පොදි නැත මී බැඳ
උන්මය රිදවන්නේ

තන්හා දෑතින් පැතු මේ වරපට
තන්හා දෑතින් පැතු මේ වරපට
ගිලිහී බිම වැටිලා
දෛවයෙ ගොනු ඇද ජීවන ගැල ගෙන
ආ මග දිග යනවා
ඈත අතීතයෙ සිහින මැදින් යලි
ජීවනයට යනවා
ඈත අතීතයෙ සිහින මැදින් යලි
ජීවනයට යනවා

ආශා දෑසින් දකිනා සිහිනේ
මිහිර මැකී යනවා
ඒ සිහිනේ පුතු තනිකම ඉපදී
හද තුල තෙරපෙනවා
ඒ සිහිනේ පුතු තනිකම ඉපදී
හද තුල තෙරපෙනවා



ගායනය - දේවානන්ද වෛද්‍යසේකර
තනුව - ජයතිස්ස අලහකෝන්
සංගීතය – පණ්ඩිත් අමරදේව
ගී පද - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර

'සාමා' චිත්‍රපටියෙන්





වීඩියෝව ගත්තෙ මෙතනින් - chinthaka gunathilaka

Comments