අම්මා - 6th Lane | Amma


මන්දාරම් වැහි වැටෙනා
හීතල හැන්දෑවේ
මා අසලින් රැඳි උණුහුම ඔබ විය
නුඹයි මගේ අම්මා

සඳ හාවුන් හඬනා
කළුවර රාත්‍රියේ
ආලෝකය දුන් සඳ කැන් ඔබ විය
නුඹයි මගේ අම්මා

ලේ කිරි කර පොවා
මා සෙනෙහෙන්
වැඩු මාගේ අම්මා
දරා දස මාසේ
ඉහිලූ බරට ණය ගැතියි
ජිවිතෙන් මා
අම්මේ මං නුඹට ආදරෙයි
ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිණයි
සංසාරයේ මා නුඹ ළඟයි

කුණාටු සාගරයේ
රුවල් බිඳුනු නෞකාවේ
හබල ඔබයි පිළිසරණ නුඹයි
නුඹයි මගේ අම්මා

දාහය වෑහෙනා
ගිණියම් මද්දහනේ
සෙවණ ඔබයි මද පවන ඔබයි
නුඹයි මගේ අම්මා

ලේ කිරි කර පොවා
මා සෙනෙහෙන්
වැඩු මාගේ අම්මා
දරා දස මාසේ
ඉහිලූ බරට ණය ගැතියි
ජිවිතෙන් මා
අම්මේ මං නුඹට ආදරෙයි
ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිණයි
සංසාරයේ මා නුඹ ළඟයි

අම්මේ මං නුඹට ආදරෙයි
ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිණයි
සංසාරයේ මා නුඹ ළඟයි


ගායනය - 6th lane
සංගීතය, ගී පද - හිරාන් තේනුවර



වීඩියෝව ගත්තෙ මෙතනින් -Shanaka Gamage

Comments