සඳ එක් දිනක් - ක්ලැරන්ස් විජේවර්ධන | Sanda ek dinak - Clarance Wijewardena


සඳ එක් දිනක් තරු හා බිඳී
විමසා බලා අඳුරේ රැඳී
තරුවැල් ඉතින් තනිවී සිටින්
සිටියා බලා සඳ එයි කියා //
සඳ එක් දිනක් තරු හා බිඳී

අප අතරේ මතු සසරේ
සිත ළං වේවා
නොසැලී හමු වේවා
ඈත ඈත ලොව බලා
යමු පියාසලා

සඳ එක් දිනක් තරු හා බිඳී
විමසා බලා අඳුරේ රැඳී
තරුවැල් ඉතින් තනිවී සිටින්
සිටියා බලා සඳ එයි කියා
සඳ එක් දිනක් තරු හා බිඳී

ඔබ එන්නෙ කවදාදෝ
සිත විමසන්නේ
මඟ බලමින් ඉන්නේ
ඈත ඈත ලොව බලා
යමු පියාසලා

සඳ එක් දිනක් තරු හා බිඳී
විමසා බලා අඳුරේ රැඳී
තරුවැල් ඉතින් තනිවී සිටින්
සිටියා බලා සඳ එයි කියා //


ගායනය, සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන



වීඩියෝව ගත්තෙ මෙතනින් - Suneth Channaka

Comments