හිරු ඉපදෙන විට - අනිල් භාරතී | Hiru ipadena wita - Anil Bharathi - sinhala lyrics


හිරු ඉපදෙන විට නෙළුම් පිපෙන ලෙස
මට ඔබ විශ්වාසයි
බැස යන ගඟ සමුදුරට ඇදෙන ලෙස
මට ඔබ විශ්වාසයි //

දෙදෙනා බැඳී පෙම දෙදෙනා සුරකින
බව මට විශ්වාසයි
අවිහිංසක ඔබ මට හිංසාවක්
නොකරනු විශ්වාසයි
අතැඟිලි පටලා බැදගත් අත්වැල
නොබිඳිනු විශ්වාසයි
සඳකඩ පහනක් ලෙස මා පා යුග
සිපගනු විශ්වාසයි

හිරු ඉපදෙන විට...

අපමණ බාධා ආවත් ඔබ මට
ගැති බව විශ්වාසයි
කාට අකීකරු වූවත් මට කීකරු
වනු විශ්වාසයි
මා හරි දිලිඳුයි පොහොසත් නොම වෙයි
එකත් විශ්වාසයි
රජ ඉසුරට ඔබ ලොබ වී මා හැර
යයිද අවිශ්වාසයි

හිරු ඉපදෙන විට නෙළුම් පිපෙන ලෙස
මට ඔබ විශ්වාසයි
බැස යන ගඟ සමුදුරට ඇදෙන ලෙස
මට ඔබ විශ්වාසයි //


ගායනය - අනිල් භාරතී
සංගීතය - ලක්ප්‍රිය ද සිල්වා
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්





වීඩියෝව ගත්තෙ මෙතනින් - Indiketi Hewage Rohan Indika

Comments

  1. පද - ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය - ලක්ප්‍රිය ද සිල්වා

    ReplyDelete
  2. cilleXprorgi-Norman Jonathan Wheeler click here
    thaubliwalrom

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...