ගියදෝ දුරස් වෙන්න - චාල්ස් තෝමස් | Giyado duras wenna - Charles Thomas


ගියදෝ දුරස් වෙන්න
ආසයි මටත් ඉන්න
ආයෙත් සිතින් ළං වෙලා
ජේසු අතින් අල්ලලා //


තනු ගීත නංවන්න
හඬ ස්වර මට දුන්න
දහසක් සවන් සනහලා //

දෙනවාද පෙර සේම
කරුණා දයාසෝම
පෙර පාප වළලා දමා //
ආයෙත් සිතින් ළං වෙලා


ගියදෝ දුරස් වෙන්න
ආසයි මටත් ඉන්න
ආයෙත් සිතින් ළං වෙලා
ජේසු අතින් අල්ලලා


සැනසුම් ඔබෙන් ලැබුව
රාවේ සිතේ රැඳුණ
ඇත තාම සිතුවම් වෙලා //

ඔබ ඈත වෙනවාද
මා ඈත යනවාද
පෙන්වන්න කරලා සමා //
ආයෙත් සිතින් ළං වෙලා


ගියදෝ දුරස් වෙන්න
ආසයි මටත් ඉන්න
ආයෙත් සිතින් ළං වෙලා
ජේසු අතින් අල්ලලා //


ගායනය - චාල්ස් තෝමස් ඇතුළු පිරිස



වීඩියෝව ගත්තෙ මෙතනින් - Miranja Sameera

මෙය පසු කාලීනව වෙනත් ගායක ගායිකාවන් කීප දෙනෙක්ම ගායනා කර තිබෙන කිතුණු ගීතයක්. චන්ද්‍රලේඛා පෙරේරා ගයන අනුවාදය බෙහෙවින් ජනප්‍රියයි.



Comments