දිලීප පොඩි පුතූ - ක්ලැරන්ස් විජේවර්ධන | Dileepa podi puthu - Clarance Wijewardena


දිලීප පොඩි පුතූ සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
කුමාරයාණෙනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ

පරවි දෙපා වැනි
සුලලිත කෝමල
සුමුදු ටිකිරි දෑතේ
පුතු මිට මොලවන්
සඟවා ගෙන ඇත
මා නොලියුව ගීතේ

මහද විමානයෙ
තැන්පත් කල ලේ
බිඳුවක් අඩුව ඇතේ
එය සඟවාගෙන
බිලිඳු වෙසින් ආ
වස්තුව ඔබය පුතේ

දිලීප පොඩි පුතූ සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
කුමාරයාණෙනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ

කුමාරයාණෙනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ


ගායනය, සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - කරුණාරත්න අබේසේකර




වීඩියෝව ගත්තෙ මෙතනින් - LankaMusicTube

Comments

  1. ඉතාම සුන්දර ගීයක්. ඒ වගේම කරුණාර්න අබේසේකරයන් දිනක් ගුවන්විදුලි වැඩසටහනකට කිව් ලෙසට මෙය ඔහු විසින් දිලීප උපන් මුල් දිනක රෝහලේ දිලීප සිටි ඇඳ අසල බිම හිඳ ලියා පසුව සිළුමිනෙහි පලකල කවියක්. ක්ලැරන්ස් පසුව ඉල්ලගෙන ඔහුගේ ඥාති වෙනත් දිලීප කෙනෙකුන් වෙනුවන් තමයි මුලින්ම ගයා තිබෙන්නෙ.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...