අකීකරුද ඔබේ සිතත් - එඩ්වඩ් ජයකොඩි | Akeekaruda obe hitath - Edward Jayakodi


අකීකරුද ඔබේ සිතත් වෙරළේ පෙරළෙන රළ වාගේ
අකීකරුයි මගේ සිතත් හමනා සැඩ සුළඟක් වාගේ
ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ නැගෙන්න
ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ නැගෙන්න

සුළඟ සැරෙන් හමනා විට ගිනිදැල් තව තව ඇවිලේවී
ඒ ගින්දර නිවාලන්න ඒ සුළඟම විවරණ දේවී

අකීකරුද ඔබේ සිතත් වෙරළේ පෙරළෙන රළ වාගේ
අකීකරුයි මගේ සිතත් හමනා සැඩ සුළඟක් වාගේ
ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ නැගෙන්න
ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ නැගෙන්න

වෙරළේ රළ සැඩ වූවොත් ඔරු කඳ කනපිට පෙරලේවී
නිසල වුනොත් ඒ රළ පෙළ සුවසේ අප මෙගොඩ කරාවි

අකීකරුද ඔබේ සිතත් වෙරළේ පෙරළෙන රළ වාගේ
අකීකරුයි මගේ සිතත් හමනා සැඩ සුළඟක් වාගේ
ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ නැගෙන්න
ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ නැගෙන්න


ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - එච්. එම්. ජයවර්ධන
ගී පද - බන්ධුල නානායක්කාරවසම්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Kevin Jay

Comments

  1. පද - බන්ධුල නානායක්කාරවසම්
    ස්වර - එච්. එම්. ජයවර්ධන

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...