සඳ නිදනා රෑ යාමේ - කීර්ති පැස්කුවල් | Sanda nidana re yame - Keerthi Pasquel


සඳ නිදනා රෑ යාමේ දිලෙනා තරු පොකුරේ
අරුන්දතී වූවාදෝ සරසා දිවි ගමනේ
මුදු පවනේ තණ පලසේ වැතිරෙමි ඔබ තුරුලේ
සසර පුරා ආවාදෝ දැවටී හසරැල්ලේ

කදුළ නිවා මිහිර ගෙනා මසිත පුරා රැඟූ
කොඳ කැකුලේ මගේ සිහිනේ මල් පිපිනා දිනේ
නෙත රැදුනේ රූ වරුණේ සනසා සිත මාගේ
මහද විලේ පිපුණාදෝ මල් කැකුළී මාගේ

නෙතු කැල්මේ රත ලවනේ මිහිර සදා රැ‍ඳේ
මලවි කුලේ කුමරියනේ මල්සර වෙමි ඔබගේ
මියෙන තුරා අතැර නොයා රැඳිලා මගෙ සෙවණේ
බැ‍ඳෙනු මැනේ පැතුව ලෙසේ මගේ රන් සමනළියේ

මියෙන තුරා අතැර නොයා රැඳිලා මගෙ සෙවණේ
බැ‍ඳෙනු මැනේ පැතුව ලෙසේ මගෙ රන් සමනළියේ
මගෙ රන් සමනළියේ

මගෙ රන් සමනළියේ


ගායනය - කීර්ති පැස්කුවල්
සංගීතය - මහේන්ද්‍රපැස්කුවල්
ගී පද - සුරම්‍යා මාපිටිය



වීඩියෝව ගත්තෙ මෙතනින් - HelaNada

Comments