කල්බලා පිපුනා - සුනිල් එදිරිසිංහ, සංඛනී එදිරිසිංහ | Kalbala Pipuna - Sunil Edirisinghe, Sankani Edirisinghe



කල්බලා පිපුනා පුංචි තරුවක්..
සඳ ලඟින් අහසේ..
ඒ තාරකාවක් සඳක් වී..
ඔබේ දෑතේ බැදී අද දවසේ...

ඉඟිලිලා සමනල් හැඟුම්..
අරුණ ගෙන එයි නව පැතුම්..
අවදිවී නොපියූ නෙතින්..
සෙනෙහසේ මාවත සොයන්..

මල් සිනා වැට පීදිලා..
රොන් පිරී සුපහන් වෙලා..
තුන් සිතින් හිනැහී බලන්..
මං ඔබේ ලොව රජවෙලා..

කල්බලා පිපුනා...

සිව්දිසා පිං සෝදමින්..
එයි ගලා නොපහන් දසුන්..
නෑසුනා නොපිරූ ලෙසින්..
මුතු සරින් කව් ගී ගයන්..

ඔබ නෙතේ ආලෝකයෙන්..
දිනූ ලොව විමසා බලන්...
ගෙවා ආ මඟ ඔබ රැදී..
මහා නුග තුර සේ ඉදී...

කල් බලා පිපුනා...

ගායනය : සුනිල් එදිරිසිංහ සමඟින් සංඛනී එදිරිසිංහ
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය : රෝහණ වීරසිංහ

Comments

  1. කල්බලා පිපුනා පුංචි තරුවක්..
    සඳ ලඟින් අහසේ..
    ඒ තාරකා “මල“ සඳක් වී..
    ඔබේ දෑතේ බැදී අද දවසේ...

    සිව්දිසා පිං සෝදමින්..
    එයි ගලා නොපහන් දසුන්..
    නෑසුනා “නොදුටූ“ ලෙසින්..
    මුතු සරින් කව් ගී ගයන්..

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...