සූර්ය නගරේ - අතුල අධිකාරි | Surya nagare - Athula Adhikari


සිලිලාර සිත නයනා
හර්දේ සිඹිනා
කෝල නීල වදනා
සවන පිනනා
මේ චණ්ඩ සූර්ය නගරේ
දූවිලි සරනා
සෙවණැල්ල වෙන්න ප්‍රේමී
දාහය නිවනා //

හද අරවින්දේ මතු
දවසක පිපුණාවේ
ගිනිගත් මේ නගරේ
අතැර නොයමු මා ප්‍රේමී

සිලිලාර සිත නයනා
හර්දේ සිඹිනා
කෝල නීල වදනා
සවන පිනනා
මේ චණ්ඩ සූර්ය නගරේ
දූවිලි සරනා
සෙවණැල්ල වෙන්න ප්‍රේමී
දාහය නිවනා

මුදු රාත්‍රියේ පිණි
ඇතිරුණු යහනාවේ
දුක් ගිනි වියැකේවී
සොදුරු නොවෙද මා ප්‍රේමී

සිලිලාර සිත නයනා
හර්දේ සිඹිනා
කෝල නීල වදනා
සවන පිනනා
මේ චණ්ඩ සූර්ය නගරේ
දූවිලි සරනා
සෙවණැල්ල වෙන්න ප්‍රේමී
දාහය නිවනා  //


ගායනය - අතුල අධිකාරි
සංගීතය - ආනන්ද පෙරේරා
ගී පද - සමන් අතාවුදහෙට්ටි



වීඩියෝව ගත්තෙ මෙතනින් - Suneth Lanka

Comments

  1. මේ ගීතයේ පද රචනය සමන් අතාවුදහෙට්ටි සහ සංගීතය ආනන්ද පෙරේරා ලෙස තමයි සීඩී එකේ නම් සඳහන් වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. සංගීතෙත් අතුලගෙ කියල වෙන තැනක තිබුණා. ඒත් ඇල්බම් එකේ තියෙන එක හරි වෙන්න එපැයි. ස්තූතියි හො‍ෙඳේ...

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...