සංසාරේ පැතු පැතුම් (අම්මා සදාදර) - සමිතා මුදුන්කොටුව | Sansare pathu pathum (amma sadadara) - Samitha Mudunkotuwa


සංසාරේ පැතු පැතුම් නිමා නොවෙනා
මෙතේ බුදුන් දැක නිවන් මගට යන දා
මගේ මවුන් ලෙස භවෙන් භවේ වඩිනා
අම්මා සදාදර ඔබයි මගේ අම්මා

පියෙකුගෙ සෙනෙහස උදුරාගෙන ගිය
පියා නොමැති ලොව හිරු සදිසි
මගෙ දිවි අරණට සඳ හිරු ඔබ විය
හෙලූ කඳුළු කැට දිරිය වුණි

අම්මා සදාදර ඔබයි මගේ අම්මා

මෙත් මුදිතා හද සවනක් රැස් මැද
මගේ පුංචි ලොව ඔබ සුරකී
හදේ තෙතක් නැති පියා නොමැති ලොව
දිරිය මවුනි ඔබ බුදුවන්නී

අම්මා සදාදර ඔබයි මගේ අම්මා

සංසාරේ පැතු පැතුම් නිමා නොවෙනා
මෙතේ බුදුන් දැක නිවන් මගට යන දා
මගේ මවුන් ලෙස භවෙන් භවේ වඩිනා
අම්මා සදාදර ඔබයි මගේ අම්මා

අම්මා සදාදර ඔබයි මගේ අම්මා///
අම්මා


ගායනය - සමිතා මුදුන්කොටුව
සංගීතය - අතුල අධිකාරි
පද - උපාලි බණ්ඩාර වීරසේකර




you tube - Miranja Sameera

Comments

  1. මේක අහනකොට මට මතක් වෙන්නේ සමිතා 31 නයිට් එකක කියපු වීඩියෝ එකක්. ඒකෙ ලොකු ලමයාද කොහෙද හම්බවෙන්න හිටියා වගේ මතකයි අපිත් හෙන පොඩියි..

    ReplyDelete
  2. Replies
    1. eka hoyaganna beri wuna. danna kenek kiyathwa.

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...