නීල නුවන් මානෙල් මල් - දේවානන්ද වෛද්‍යසේකර | Neela nuwan manel mal - Dewananda Waidyasekara


නීල නුවන් මානෙල් මල්
නීල නුවන් මානෙල් මල්
ඇයගේ වත පුන්සඳ වෙයි
ගමනින් නාලිය පරදන
ටිකිරි ලියා ටිකිරි ලියා
කළෙත් අරන් ලිඳට ගියා

කළෙත් අරන් ලිඳට ගියා //


කියඹු ලතා නළලෙ වැටී
කියඹු ලතා නළලෙ වැටී
නව රසයක් මූණෙ සැදී
කොමල පාන තියා තියා
ටිකිරි ලියා ටිකිරි ලියා

කළෙත් අරන් ලිඳට ගියා //


හිරු පිබිදෙයි ඔබ දකිමින්
මුළු ගම රසවෙයි මිහිරෙන්
විහඟ ගීත ගමේ සදා
ටිකිරි ලියා ටිකිරි ලියා

කළෙත් අරන් ලිඳට ගියා //


උදහැක්කේ වතුර සොයා
උදහැක්කේ වතුර සොයා
ටිකිරි ලියා ටිකිරි ලියා
කළෙත් අරන් ලිඳට ගියා
ලිඳ වටකර කබරගොයා
කකුල කාපි දියබරියා


නීල නුවන් මානෙල් මල්
නීල නුවන් මානෙල් මල්
ඇයගේ වත පුන්සඳ වෙයි
ගමනින් නාලිය පරදන
ටිකිරි ලියා ටිකිරි ලියා
කළෙත් අරන් ලිඳට ගියා

කළෙත් අරන් ලිඳට ගියා //////


ගායනය - දේවානන්ද වෛද්‍යසේකර
තනුව - දේවානන්ද වෛද්‍යසේකර
පද - මඩවල එස්. රත්නායක




වීඩියෝව ගත්තෙ මෙතනින් - sudasingha

Comments

  1. මඩවල ඇස්. රත්නායක 1956 "ටිකිරි ලියා" සම්පූර්ණ කවිය
    මාරයුඬය 1960 සමන් මුද්‍රණාලය මහරගම 19 පිට

    නීල නුවන් මහනෙල් මල්
    ඇයගේ වත පුන්සඳ වෙයි
    ගමනින් නාලිය පරදන
    ටිකිරි ලියා - ටිකිරි ලියා
    කළෙත් අරන් ළිඳට ගියා

    ඇගෙ තොල්පෙති නා දළු මෙනි
    සුමුදු දසන් මුතුඇට මෙනි
    සලා සලා පුළුල් උකුල
    ටිකිරි ලියා - ටිකිරි ලියා
    කළෙත් අරන් ළිඳට ගියා

    කියඹු ලතා නළලෙ වැටී
    නව රසයක් මුහුණෙ සැදේ
    කොමළ පාද තියා තියා
    ටිකිරි ලියා - ටිකිරි ලියා
    කළෙත් අරන් ළිඳට ගියා

    හිරු පිබිදෙයි ඔබ දකිමින්
    මුළු ගම රසවෙයි මිහිරෙන්
    විහඟ ගීත ගමේ සදා
    ටිකිරි ලියා - ටිකිරි ලියා
    කළෙත් අරන් ළිඳට ගියා

    මීමැස්සී මෙන් කඩිසර
    මුව දෙනකසෙ අවිහිංසක
    වැඩට සමත් හොඳ හිත ඇති
    ටිකිරි ලියා - ටිකිරි ලියා
    කළෙත් අරන් ළිඳට ගියා

    ගෙදර දොරේ වැඩට සමත්
    පොත පත නැති නමුදු උගත්
    රටා පැදුරු වියුමට දත්
    ටිකිරි ලියා - ටිකිරි ලියා
    කළෙත් අරන් ළිඳට ගියා

    කුඹුරෙ වැඩට හේනෙ වැඩට
    ඈ දෙවැනිද ගමේ කාට
    තිරිසනුන්ට ආදරෙ ඇති
    ටිකිරි ලියා - ටිකිරි ලියා
    කළෙත් අරන් ළිඳට ගියා

    උදනැක්කේ වතුර සොයා
    ටිකිරි ලියා - ටිකිරි ලියා
    කළෙත් අරන් ළිඳට ගියා
    ළිඳ වටකර කබරගොයා
    කකුලෙ කාපි දියබරියා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. මෙවැනි එකතුකිරීම් බොහොම වටිනවා.

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...