ඔබ මැව්වේ ඔබ හට නොවේ - ජූඩ් රොගන්ස්, ශානිකා වනිගසූරිය | Oba mawwe oba hata nowe - Jude Roganz, Shanika Wanigasekara



ඔබ මැව්වේ ඔබ හට නොවේ
මා වෙනුවෙනි මේ භවයේ
මා මැව්වේ මට නම් නොවේ
මා හිමි ඔයාටයි ලොවේ
මා ඔබේ වෙලා
ඔබ මගේ වෙලා
අපි දැන් අපගෙයිනේ

පෙම්බර හිත් තීරේ
ආල හැඟුම් බෝ වේ
දැනුනා ඔබේ ආදරේ
ඔය රළු පපු තලයේ
ඇලවෙන්නම් රහසේ
ආදරේ වෑහේ හදේ
මා ඔබේ වෙලා
ඔබ මගේ වෙලා
අපි දැන් අපගෙයිනේ

මා පැතු ඔය තුරුලේ
මියදෙන තුරු රහසේ
ඉන්නයි මට ඕනේ
උපදින හැම භවයේ
ඔබමයි මට ඕනේ
ඔබටයි සසරම මේ
මා ඔබේ වෙලා
ඔබ මගේ වෙලා
අපි දැන් අපගෙයිනේ

ඔබ මැව්වේ ඔබ හට නොවේ
මා වෙනුවෙනි මේ භවයේ
මා මැව්වේ මට නම් නොවේ
මා හිමි ඔයාටයි ලොවේ
මා ඔබේ වෙලා
ඔබ මගේ වෙලා
අපි දැන් අපගෙයිනේ


ගායනය - ජූඩ් රොගන්ස්, ශානිකා වනිගසේකර
තනුව - රධීෂ් වැන්දබෝනා
පද - ඩිලාන් ගමගේ

Comments