නෙලාගන්න බැරි හින්දයි - නන්දා මාලිනී | Nelaganna beri hindai - Nanda Malini


නෙලාගන්න බැරි හින්දයි
ඔබ ඔය තරමට ලස්සන
නෙලා ගෙනා කිසිම මලක්
නෑ ඔය තරමට ලස්සන //

හීන මවාගෙන දහසක්
තනියෙන් රස විඳපු
බිතු සිතුවම් වූ මෙන් හද
තෙළිකඩ මත ඇඳපු
ලොවට හොරා පැස පුරවා
ගෙනවිත් හැඩ බලපු
ලස්සන නැති හැටි මල්වල
ඉස්සර මං නෙලපු

නෙලාගන්න බැරි හින්දයි... //

මුහුණ දෙමින් සර පහරට
අනංගයා විදපු
නොදැක හිටිය දවස්වලට
ඉකි බිඳ බිඳ හඬපු
කාත් කවුරුවත් නැති තැන
තුරුළු වෙලා දොඩපු
පැහැය සුවඳ කොහෙ ගිහින්ද
මල්වල මං නෙලපු

නෙලාගන්න බැරි හින්දයි... //


ගායනය - නන්දා මාලිනී
සංගීතය - ආනන්ද පෙරේරා
ගී පද - සුනිල් ආරියරත්න


Comments

  1. "බිතුසිතුවම් රෑ මෙන් හද
    තෙලිකඩ මත ඇඳපු" වෙන්න ඕනෙ නේද?

    ReplyDelete
  2. Replies
    1. හරියටම හොයාගන්න බැරි වුණා. සුනිල් ආරියරත්න මහත්මයගෙ කියල හිතමු!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...