මුවා වුණා සඳක් සිනා සළා - වික්ටර් රත්නායක, ලතා වල්පොළ | Muwa wuna sandak sina sala - Victor Rathnayaka, Latha Walpola


මුවා වුණා සඳත් සිනා සළා
උනා දමා දුහුල් සැඳෑ වලා
ලතා මඬුල්ලේ නදී ලවැල්ලේ
අපේ කතා ඇසේ නිදැල්ලේ
මුවා වුණා සඳත් සිනා සළා

අතීතයේ කියූ පෙම් කතා සැබෑ වී
එදා වගේ නැගේ මත් කොවුල් සැඳෑ ගී
දෙපා නගා අපේ කියා ලොවක් සොයාලා
ඇදී යමූ සිතින් හිනැහිලා

මුවා වුණා සඳත් සිනා සළා
උනා දමා දුහුල් සැඳෑ වලා
ලතා මඬුල්ලේ නදී ලවැල්ලේ
අපේ කතා ඇසේ නිදැල්ලේ
මුවා වුණා සඳත් සිනා සළා

සළා උපුල් සිනා මද පවන් සැළේවී
වලා රොදක් වෙලා හද ගිමන් නිවාවි
ඉරේ සඳේ කැළුම් ඔබේ නෙතින් ගලාලා
මගේ ලොවේ විඩා නිවේවා

මුවා වුණා සඳත් සිනා සළා
උනා දමා දුහුල් සැඳෑ වලා
ලතා මඬුල්ලේ නදී ලවැල්ලේ
අපේ කතා ඇසේ නිදැල්ලේ
මුවා වුණා සඳත් සිනා සළා


ගායනය - වික්ටර් රත්නායක, ලතා වල්පොළ
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - කුලරත්න ආරියවංශ

Comments

  1. 'සඳක්' නෙවෙයි..'සඳත්'.

    මුවා වුණා සඳත් සිනා සලා...

    ReplyDelete
    Replies
    1. හැදුවා.. ස්තූති වේවා!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...