මල් මදහාස - රන්දීර්, භාතිය, උමාරියා | Mal Madahasa - Randhir, Bhathiya, Umariya


මල් මදහාස පීදෙනා
නිල් නෙතු ඈගෙ පා සලා
සෙනෙහස පෑවා ලංවීලා..
දුටු ඔබ දෑස පෑ සිනා
හද රැදි සෝක වේදනා
සැනෙකින් යාවී හැංගීලා...

ඇය මගෙ ජීවෙ පෙම්ලෝකෙ
එක මඟ ආවෙ සංසාරේ
නිදැල්ලේ සරන්නේ මා හා
වසන්තේ පෙමින් ලංවීලා

මල් මද හාස පීදෙනා...

මුව දැක ඈගෙ මල්වාරේ
බඹරුන් ඒවි සංසාරේ...
ගයන්නේ - රඟන්නේ ඈ...හා
බිඟුන්ගේ රුවින් මත් වීලා...

මල් මද හාස පීදෙනා...//

ගායනය : රන්දීර් විතාන සහ භාතිය ජයකොඩි
පද රචනය : චන්ද්‍රදාස ප්‍රනාන්දු
සංගීතය : කෙන් ලැපන් (සරිගම)

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...