එක ගඟක ඉවුරු දෙක කවදා - රූපා ඉන්දුමතී | Eka gangaka iwuru deka kawada - Rupa Indumathi


එක ගඟක ඉවුරු දෙක කවදා
කොතැන මුණ ගැසේදෝ
එහි ගලන ජලය හෙට වියළී
මගදි නතර වේදෝ //

අඩ නින්දෙ දුටුව මල් සිහිනේ
දිනෙක සැබෑ වේදෝ
සැඩ සුළ‍‍‍ඟෙ දැල් වු රන් පහනේ
එළිය යළි නිවේදෝ
එළිය යළි නිවේදෝ

එක ගඟක ඉවුරු දෙක කවදා...

අද දකින දෙතරු නිල් අහසේ
හෙට ද මට පෙනේදෝ
ඔබ සමරු පොතේ කොළ පෙඟිලා
සිතුවම් බොඳ වේදෝ

එක ගඟක ඉවුරු දෙක කවදා... //

ගායනය - රූපා ඉන්දුමතී
සංගීතය - මොහොමඞ් සාලි
ගී පද - කරුණාරත්න අබේසේකර


Comments