බඹරු මත්වෙලා - විල්බට් ඇන්තනි | Bambaru math wela malata lan wela - Wilbert Anthony


බඹරු මත්වෙලා මලට ළං වෙලා
ඔබට ළංව මහද මත් වෙලා
කඳුළු වියැළුණා සිනහ මතු වුණා
අපගෙ ලොවට සතුට යා වුණා //

කැකුළු පීදුණා සුවඳ විහිදුණා
දෑත ළං වුණා පැතුම් ඉටු වුණා //
ආදරේ දිනන්නෙ වේදනා මැදින් ළඳේ
ජීවිතේම නතර වෙන්නෙ ඔබ ළඟයි ළඳේ

බඹරු මත්වෙලා මලට ළං වෙලා...

රන් රිදී නැතේ මාළිගා නැතේ
මිහිර ඇත ඔබේ පුංචි පැල්පතේ //
ආදරේ දිනන්නෙ වේදනා මැදින් ළඳේ
ජීවිතේම නතර වෙන්නෙ ඔබ ළඟයි ළඳේ

බඹරු මත්වෙලා මලට ළං වෙලා...


ගායනය - විල්බට් ඇන්තනි
සංගීතය - ස්ටැන්ලි පීරිස්
ගී පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන


වීඩියෝව ගත්තෙ මෙතනින් - senarath bandara

Comments