ඇයි නාවෙ මා සොයලා - රොම්ලස්‌ පෙරේරා | Ai nawe ma soyala - Romles Perera


ඇයි නාවෙ මා සොයලා
සිතේ සංකා මවා තියා
ඇයි නාවේ සොයා //

කී දේ කළ දේ
දැන හිටියේ මා පමණයි
අවසානෙ දුක යැයි
මා හට දැනුණේ පසුවයි
ඇයි මා... ඇයි මා තනිකළේ ඔබ
වැරදී මා නොවෙයි

ඇයි නාවෙ මා සොයලා
සිතේ සංකා මවා තියා
ඇයි නාවේ සොයා //

සොඳුරේ ඔබගේ
ප්‍රේමෙ පතා මා හිටියේ
ඇයි මේ වගේ දුක්‌
සාගරයක මා හෙළුවේ
ඇයි මා... ඇයි මා තනි කළේ ඔබ
වැරදී මා නොවේ

ඇයි නාවෙ මා සොයලා
සිතේ සංකා මවා තියා
ඇයි නාවේ සොයා //


ගායනය - රොම්ලස්‌ පෙරේරා
සංගීතය - සනත් නන්දසිරි
ගී පද - රංජිත් පීරිස්‌

ටජ්මහල් (1963) හින්දි චිත්‍රපටියේ ගීතයක් ඇසුරිනි


Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...