ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී - ශ්‍රීමතී තිලකරත්න, වික්ටර් රත්නායක | Adara gangulehi iwure randi - Shrimathi Thilakarathna, Victor Rathnayaka



ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී
සහන පවන් සැලූ
මා ළඟ ඔබ සිටිනා විටදී
ලොවම දැකුම්කලු //

මල් වැල් වන විල් පිරී ගියේ
සෙවණ දෙවන්නලු
බිඳු නඳ විහඟුන් ඉගිල්ලුනේ
මිහිරෙ රැඳෙන්නලු
පුන් සඳ නැගුනෙත් අහස් තලේ
අපට බලන්නලු
දෙනෙතට කඳුලැලි තුරුල් කලේ
පෙමට අඬන්නලු
පෙමට අඬන්නලු

ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී... //

මී වද මී පැණි පිරී ගියේ
දෙතොලෙ රඳන්නලු
දේදුනු ඕවිලි මැවී ගියේ
ලොවම පිනන්නලු
මේ ලොව මා ඉපදුනේ ප්‍රියේ
ඔබව ලබන්නලු
ඒ හැර ලැබුණත් පලක් නැතේ
ඉසුරු මැණික් මලු
ඉසුරු මැණික් මලු

ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී... //



ගායනය - ශ්‍රීමතී තිලකරත්න, වික්ටර් රත්නායක
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්

Comments