වීණා බිඟු වීණා - මිල්ටන් මල්ලවාරච්චි | Veena bingi veena - Milton Mallawarachchi


වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ
සේනා බිඟු සේනා විමසන්නේ ආදරේ
නිල් උපුල් සිනා දී යදින්නේ ආදරේ
වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ

රෑට සසැලෙන්නෙ පැරදී හැඬූ තාරකා
දෑත ළතැවෙන්නෙ ඒ දෑත තනි වූ නිසා
සිහින මායාවෙ පැටලීලා නින්දේ පවා
දෑස විමසන්නෙ හුරු දෑසදෝ

වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ
සේනා බිඟු සේනා විමසන්නේ ආදරේ

සීත සඳ කැල්ම කිරි සාගරේ නැවතිලා
වාසනාවන්ත තුරු වැල් එතී ළං වෙලා
ප්‍රේම ආලිංගනේ රංගනේ මත් වෙලා
දෑස නලවන්න සිත් වූවදෝ

වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ
සේනා බිඟු සේනා විමසන්නේ ආදරේ
නිල් උපුල් සිනා දී යදින්නේ ආදරේ
වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ


ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
තනුව - ග්‍රේෂන් ආනන්ද
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන

Comments