මලක් වෙලා ඔබ පිපෙන්න - සුනිල් එදිරිසිංහ | Malak wela oba pipenna - Sunil Edirisinghe


මලක් වෙලා ඔබ පිපෙන්න
ආදරේ සුවඳ දෙන්න
ගඟක් වගේ ඔබ ගලන්න
සෙනෙහසින් පිරී යන්න //

ප්‍රේමයේ රස කල්පනා
හදවතේ තව මවා දෙන්න
නැවුම් සඳක් වී මල් මාවතේ
මුතු සලා ඔබ සිනාසෙන්න

මලක් වෙලා ඔබ පිපෙන්න...

මා නෙතේ සුව සිහිනයේ
මේ ලෙසේ ඔබ රැඳී ඉන්න
පවන් රොදක් සේ මා ලඟ වෙලී
ජීවිතේ දුක නිවාලන්න

මලක් වෙලා ඔබ පිපෙන්න... //


ගායනය - සුනිල් එදිරිසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - කුමාරදාස සපුතන්ත්‍රී

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...