මොට්ටු - ලහිරු පෙරේරා | La Signore (Mottu) - Lahiru Perera


මාතලේ හැදුවා මං ගේ තට්ටු..
කේතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු..
ඒ කෙල්ල දැම්මානේ මට වෙට්ටු..
කවද හරි කරනව නංගිව මට්ටු..

සිරිපාල කපුවා තිබ්බෙ මොට්ටු..
මොට්ටුවට මතුරල ඕංරීන් කට්ටු..
මොට්ටු දී ඈ හට උනානෙ තුට්ටු..
ඇයිද දැන් පෙරලෙන්නෙ පනිට්ටු..

කටගැස්ම වී මා ලෝකෙට පේනවා..
තලුමරා මාවම බයිටට ගන්නවා..
හිස හැරුණු ඒ මේ අත මා දුවනවා...
ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා...

උන් දෙන්න වගුරනවා සතුටු කඳුළු..
ඉතිරිවුනෙ මට මේ බල්ලා නකුටු..
සමගියෙන් ඉන්නේ අපි වී වකුටු..
කවද හරි පෙන්නනව රැම්බො පාට්ටු..

ඒ කාලේ අපි කෑවේ කෝලි කුට්ටු..
කෙලින් තිබු කොණ්ඩය උනානෙ පොකුටු..
තුන්වේල කන්නේ දාලා සීට්ටු.. (දැන් ඉතින්)
හිටගෙන ගිලින්නයි වෙන්නෙ පිට්ටු..

කටගැස්ම වී මා ලෝකෙට පේනවා..
තලුමරා මාවම බයිටට ගන්නවා..
හිස හැරුණු ඒ මේ අත මා දුවනවා...
ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා...//

ගායනය : ලහිරු පෙරේරා (La Signore)
පද රචනය : මනුරංග විජේසේකර
සංගීතය : ලහිරු පෙරේරා (Music Oven Crew)


වීඩියෝව ගත්තේ මෙතැනින් : La Signore Music 

Comments

  1. හික්ස්.... මේක නම් පට්ට. වීඩියෝ එකත් සුපිරි

    ReplyDelete
  2. ලස්සන සින්දුව. ගී පද සටහන් කළාට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  3. හිස හැරුණු ඒ මේ අත දුවනවා... -> හිස හැරුණු ඒ මේ අත මා දුවනවා...

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...