කුරුල්ලෝ නුඹේ තාලෙන් - මායා දමයන්ති | Kurullo numbe thalen - Maya Damayanthi


කුරුල්ලෝ නුඹේ තාලෙන්
පියාඹන්න ආසයි
පියාපත් කොහේ කොතැනින්
කොයින්දෝ ගෙනෙන්නේ //
කියාපන් කුරුල්ලෝ

නෙළුම් මල් නෙළාලා
ගෙලේ මං පළන්දා
කිණ්නරාවි රූපෙන්
බලන් ඉන්නවා දැන්
හීන් බණ්ඩි ගොයමේ
ගිරා නිල් රටාවේ

කුරුල්ලෝ නුඹේ තාලෙන්
පියාඹන්න ආසයි
පියාපත් කොහේ කොතැනින්
කොයින්දෝ ගෙනෙන්නේ

ඉහල ගං දිහාවේ
ඇඹුල් පේර මාදං
පොකුරු බර වෙලා දැං
බලන් ඉන්නවාලු
සිංදු ගීත වන්නම්
ඔහේ කිය කියා යං

කුරුල්ලෝ නුඹේ තාලෙන්
පියාඹන්න ආසයි
පියාපත් කොහේ කොතැනින්
කොයින්දෝ ගෙනෙන්නේ //
කියාපන් කුරුල්ලෝ

ගායනය - මායා දමයන්ති
සංගීතය - අර්නස්ට් සොයිසා
ගී පද - අජන්තා රණසිංහ

“අරලිය මල්“ චිත්‍රපටයේ ගීතයක්


වීඩියෝව ගත්තේ මෙතැනින් - VOD lk

Comments

  1. ඇත්තටම නම් මේ සින්දුව ගැයුවේ කුෂානිගේ අම්මා - මායා දමයන්ති - අරලියමල් ෆිල්ම් එකට හෙ හෙ හේ

    ReplyDelete
    Replies
    1. ඒ ඉඟියෙන් මුළු කතාවම වෙනස් කරන්න වුනා..චිත්‍රපටයේම ගීතය එකතු කලා..
      බොහෝමත්ම ස්තූතියි..!

      Delete
  2. ඇත්තටම ගොඩක් ලස්සන ගීතයක් කොච්චර ඇහුවත් එපාවෙන්නෑ..
    මේ ගීතයේ හින්දි ගීතය (ජියෝතේ ජියේ කෙසේ .)පුළුවන් නම් ඒකත් දෙන්නකො .👍👍

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...