හිරු හිනැහෙන - බණ්ඩාර අතාවුද, චන්ද්‍රලේඛා පෙරේරා | Hiru hinahena - Bandara Athauda, Chandralekha Perera



හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ
පහනකි මා හිරු එලියෙහි නොදිලෙන
පහන ඔබය ඔබමය මා පැතුමද
හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන //

සඳ දිදුලන පුර පෝදා අහසේ
තරුවකි මා සඳ එලියෙහි නොදිලෙන
තරුව ඔබය ඔබමය මා පැතුමද
සඳ නොව කල එලියෙන් දුර බබලන

හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ...

උඩවැඩියා සුපිපෙන වන උයනේ
කුසුමකි මා තණ බිම මත සැඟවුණ
කුසුම ඔබය ඔබමය මා පැතුමද
උඩවැඩියා මල නොව නෙත පිනවන

හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ... //


ගායනය - බණ්ඩාර අතාවුද, චන්ද්‍රලේඛා පෙරේරා
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - සුනිල් ආරියරත්න



Comments

  1. පද රචනය - සුනිල් ආරියරත්න
    සංගීතය - රෝහණ වීරසිංහ

    මේක පොඩ්ඩක් චෙක් කරන්න ඕනෙ හැබැ‍යි.. අන්තර්ජාලයෙන් හොයා ගත්තේ. පද රචකයා සහ සංගීත නිර්මාපකයාගේ නම් ඉදිරිපත් කරන්න මීට වඩා උනන්දුවෙන්න කියලා ඉල්ලා සිටිනවා.

    දෙවෙනි අන්තරා කොටසේ පළවෙනි පදය;
    "උඩවැඩියා සුපිපෙන වන උයනේ"

    ReplyDelete
    Replies
    1. උඹ කියනව වගේම සින්දුවක නිර්මාපකයො තුන් දෙනාවම හොයාගන්න සෑහෙන්න උත්සාහ කරනවා. ඒ වුණාට ඒක පරණ සින්දු සම්බන්ධයෙන් ඒ තරං සාර්ථක වෙන්නෙ නෑ.

      ඒව නිවැරදි කරගන්න මේකට ගොඩවෙන අයගෙ උදව් ඉල්ලල තියෙන්නෙත් ඒකයි.

      හැමවෙලේම මේක ගොඩදාගන්න උදව්කරනවට ස්තූති වේවා!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...