හඬන්නෙපා අම්මේ - හෙන්රි කල්දේරා | Handannepa amme - Henri Kaldera


හඬන්නෙපා අම්මේ
හඬන්නෙපා අම්මේ
තවත් සඳක් ගෙට පායා එන දා
හඬන්නෙපා අම්මේ //

මනාල පෙනුමෙන් මා බබලනවා
නෙතින් දකින්නට පෙරුම් පිරූ ඔබ //
සුදු මුව හකුලා එපා හඬන්නට
කඳුළු දරාගෙන ඔබේ නුවන් අග //

හඬන්නෙපා අම්මේ...

බිරිඳක් කැන්දන් ආවට අම්මේ
ඔබේ පුතුගෙ නැහැ වෙනසක් වෙන්නේ //
සොඳුරිය මා දා ඉවත ගියාදෙන්
ඔබට නොමැත වී මැන මම දෙන්නේ //

හඬන්නෙපා අම්මේ... //


ගායනය, තනුව, පද - හෙන්රි කල්දේරා


Comments

  1. දෑස් නොපෙනෙන හෙන්රි කල්දේරා නම් වූ ඒ කලාකරුවානන්ට දෑස් පෙනෙන අපට වඩා ලෝකය දැකිය හැක්කේ කෙසේදැයි මට නම් නොහැගේ... ඒ බව හොදින්ම දැනෙනුයේ එතුමාගේ මිදුලේ සුදු වැලි තලයේ නම් ගීතයෙනි...ඔබට නිවන් සුව!!!

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...