වියෝ වූ පසුවයි දැනෙන්නේ - සුනිල් එදිරිසිංහ | Viyo u Pasuwai - Sunil Edirisinghe


වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්..
හැඩූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්...//

ඉවුරු දෑලේ හිද බැලූ විට
ගඟ හැඩයි කදිමයි..
දියට වන් විට එවන් ගගුලම
බිහිසුනුයි චණ්ඩයි..

වියෝ වූ පසුවයි...

හඳක් නැති දා අහස් තලයට
තරුව දෙයි සැනසුම්..
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්..

වියෝ වූ පසුවයි...

ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
සංගීතය : රෝහණ වීරසිංහ

Comments

  1. 02 වන අන්තරා කොටස | පළමු පදය
    "හඬක්" නොව, "හඳක්" යනුවෙන් නිවැරදි විය යුතුයි.

    සුබ පතනවා!

    http://facebook.com/bgalajee

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...