ගී ලියන්න මට කීවේ - දයාරත්න රණතුංග | Gee Liyanna Mata Kiwe - Dayarathne Ranathunga


ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි..//

හිතැඟි කළඹ කැටයම් කල
නීල පළිඟු ගොළු කැඩපත..//
හද බිතුතල සිතුවම් කල
රූ දොඩමලු මුව රඟහල...

ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි..//

තුරුණු බමර ආයාචන
අභියස පත්තිනි කෝවිල..//
මගේ පෙමින් කුළු ගැන්වුණ
ගී මුමුණන ගීත බුබුල..

ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි..//


ගායනය, සංගීතය - දයාරත්න රණතුංග
ගී පද - ගාමිණි ලේල්වල



වීඩියෝව - Gibson Perera

Comments

  1. රූ දොඩමළු මුව රඟහල

    මගේ පෙමින් කුළු ගැන්වුනු

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...