තාමත් තරහින් නේද ඔයා - රෝස් අලගියවන්න | Thamath Tharahin Neda Oya - Rose Alagiyawanna


තාමත් තරහින් නේද ඔයා..
හඬනා හඬලා ඇස් තෙමිලා..
නැතුව ඉන්න බෑ මගෙ රත්තරනේ
ඇයි ඔහොම තරහින් ඔයා..
මගෙ හුස්ම කවදත් ඔයා...

පොඩිදේටත් තරහ අරන් - රණ්ඩුවෙලා නොදරුවෙක් වෙසින්..
ආයෙ ටිකෙන් වෙනස්වෙලා - පෙරසේම උන්නත් ඉතින්..
කවදාවත් නැ මගෙ සෙනෙහේ - කිසිකෙනෙකුට දෙන්නේ..
ඔබට තිබෙන ආදරය මගේ - මං විතරයි දන්නේ...

තාමත් තරහින් නේද ඔයා...

හිත රිදුනත් නෙතු තෙමුනත් - අඩුවක් නැ හිත උනන සෙනේ..
තරහ නොවී ඉමු මතුවත් - මියෙනතුරා ආදරයෙන්..
කවදාවත් නැ මගෙ සෙනෙහේ - කිසිකෙනෙකුට දෙන්නේ..
ඔබට තිබෙන ආදරය මගේ - මං විතරයි දන්නේ...

තාමත් තරහින් නේද ඔයා...

ගායනය : රෝස් අලගියවන්න
පද රචනය : ඩිලාන් ගමගේ
සංගීතය : ප්‍රියාන් කාරියවසම්

Comments

  1. රෝස් කොහොමද ඉතින් ආසයි ඔයගේ සිංදු අහන්න.හැමදාම එකම කියන්න එපා රෝස් අයියේ වෙනස් එකක් කියන්නකෝ

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...