සමනළී - කිත්සිරි ජයසේකර | Samanalee - Kithsiri Jayasekara


සිත නතු නැති සමනළී
මට බිඳුවක් ඉන්න කියා
ළඟ පාතකට ද දන්නේ නෑ
තටු ගසමින් ඉගිල ගියා
සිත නතු නැති සමනළී

ඒ මනරම් මුතුවැල් හා පබළු
මා ළඟ මෙහෙම තියා
මා ළඟ මෙහෙම තියා
ඒ මනරම් මුතුවැල් හා පබළු
මා ළඟ මෙහෙම තියා
මා ළඟ මෙහෙම තියා
ගිම්හානේ මදහස ළඟ නවතා
හිනැහී යන්න ගියා
හිනැහී යන්න ගියා

සිත නතු නැති සමනළී
මට බිඳුවක් ඉන්න කියා
ළඟ පාතකට ද දන්නේ නෑ
තටු ගසමින් ඉගිල ගියා
සිත නතු නැති සමනළී

රෑ රැඟුමේ දුටු ගී හඬ හැඩලූ
ඔබගේ දසුන නිසා
ඔබගේ දසුන නිසා
රෑ රැඟුමේ දුටු ගී හඬ හැඩලූ
ඔබගේ දසුන නිසා
ඔබගේ දසුන නිසා
සඳ පානේ නිහඬව නෙතු සනසා
සමුගෙන යන්න එපා
සමුගෙන යන්න එපා

සිත නතු නැති සමනළී
මට බිඳුවක් ඉන්න කියා
ළඟ පාතකට ද දන්නේ නෑ
තටු ගසමින් ඉගිල ගියා
සිත නතු නැති සමනළී


ගායනය - කිත්සිරි ජයසේකර
ගී පද - පද්මකුමාර මෙත්තසේන

Comments