දෑතට වළළු - නීලා වික්‍රමසිංහ | Dethata walalu - Neela Wickramasinghe


දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
යායට එළලූ පුන් කුසුමන් සේ බැබලෙයි
ගී රස කණ ලූ වන් සැනකින් මන් පිණවයි
ලාලිත රුසිරූ සුන්දර සන්සුන් ගමනයි
දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
යායට එළලූ පුන් කුසුමන් සේ බැබැලෙයි

උදයට පේළිය සැදිලා
එන සැටී රූබර අඟනෝ
කර වට ගෝමර මල් පිපිලා
ලැම පිට පවලන් පළඳා
බඳේ වැටෙන හිරු තාපය නොදැනෙයි
ළඳේ නුඹට තුරු සෙවනැලි හුරු නැත

දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
යායාට එළලූ පුන් කුසුමන් සේ බැබැලෙයි

හිස වට සේලය දවටාලා
ඉණ වට ඔසරිය ඇඳලා
කුඹුරට සීරුවේ බැසලා
තරගෙට සීපද රැව් දීලා
අගේ වඩන රුසිරෙන් සැදි නෙළුමට
රඟේ බලන් සැරසෙන සැටි කදිමට

දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
යායට එළලූ පුන් කුසුමන් සේ බැබැලෙයි
ගී රස කණ ලූ වන් සැනකින් මන් පිණවයි
ලාලිත රුසිරූ සුන්දර සන්සුන් ගමනයි

ලාලිත රුසිරූ සුන්දර සන්සුන් ගමනයි ///



ගායනය - නීලා වික්‍රමසිංහ
සංගීතය, ගී පද - සී. ද එස්. කුලතිලක


Comments

  1. මේක නීලා වික්‍රමසිංහ විතරක් නෙමේ මුලින් ගායනා කලේ
    ටී එම් සහ නීලා යන දෙන්නම - පස්සේ දැන් නීලා තනිවම ගයනවා
    මේකත් අපේ ජන සංගීතය ගැන පර්යේෂණ පවත්තපු සී ද එස් කුලතිලක මහත්තය ලියල තනු නිර්මාණය කරාපු ගීයක්
    මේං මේ ගීතයත් ඒ වාගෙම සී ද එස් කුලතිලක මහත්තය හදාපු ගීයක් - ටී එම් / නීලා - තමා ගැයුවේ
    බොහොම ස්තූතියි මේවා නැවත මතක් කරල දෙන එකට

    ReplyDelete
    Replies
    1. ස්තූති වේවා විස්තරේට! පොස්ට් එක අප්ඩේට් කලා!

      Delete
  2. neela wikramasinha kiyana sinduwaka thanuwa american chitrapatayak thula ahuna. thanuwa api ehen aran thiyenne 1990

    http://www.youtube.com/watch?v=WJkzHT6ngok

    ReplyDelete
    Replies
    1. මාරයිනෙ. මේ ගැන මේ ඇහුවමයි!

      Delete
    2. අපරාදෙ උඩ ලින්ක් එකට අදාල වීඩියෝ එක නෑ දැන්
      මේ සින්දුව නීලා කියන දෑතට වළලු සින්දුවෙ ඔරිජිනල් එක
      https://www.youtube.com/watch?v=hiOX3gtCAFA

      මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න තව එහෙම වෙන රටවල සින්දුවලින් අරන් ලංකාවෙ හදපු සින්දු ලිස්ට් එකක්ම තියෙන

      http://rakee677.blogspot.com/2012/12/golden-english-oldies.html

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...