සමනළයා මල හා ළමයා සේ - එඩ්වඩ් ජයකොඩි | Samanalaya mala ha lamaya se - Edward Jayakodi


සමනළයා මල හා ළමයා සේ
බාල ළමා වයසේ
පෙර තිදෙනා සිටියේ එක යායේ
ජීවිතයේ අරුමේ //

මලට වසා පැණි බී රිසි සේමා
සමනළයා පියැඹූ දවසේ //
ඒ මල ගාවා ඒ පොඩි ළමයා
දෑස වසා සිටියා

සමනළයා මල හා ළමයා සේ...

මලට නොවේ දැණුනේ දුක කාගේ
පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ //
ඒ මල නොදනී ඒ මල පරවී
සමනළයා කොතැනේ

සමනළයා මල හා ළමයා සේ
බාල ළමා වයසේ
පෙර තිදෙනා සිටියේ එක යායේ
ජීවිතයේ අරුමේ

ජීවිතයේ අරුමේ ////


ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - සරත් ද අල්විස්
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්


Comments

  1. ප්‍රේමකීර්ති කොයි තරම් දක්ෂයෙක්ද කියන්න මේ ගීය ප්‍රමාණවත්, ඔහුට ක්ෂණිකව තනුවට ගී ලියන්න තිබුණ අපූර්ව හැකියාවට මේ ගිය නිදසුනක්. පදමාලාව විතරක් බැලුවත් එහි සාහිත්‍යමය ගුණය එහෙම පිටින්ම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. සංගීතෙ කාගෙන්ද කියල කිව්වෙ නෑනේ...

      Delete
  2. මට අමතක වුණා සංගීත.ය සරත්ද අල්විස්ගේ..

    ReplyDelete
  3. ප්‍රේම් මගෙ ලෝකයේ විශ්මිත වීරයා .........

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...