රැවටුන තරම් - රුවන් හෙට්ටිආරච්චි | Rewatuna tharam - Ruwan Hettiarachchi


රැවටුන තරම් ඔබ හින්ද මං
කවුරුත්ම දන්නෙ නෑ තවත්
කඳුළක තරම් දැණුනා හොඳින්
සමුගත්ත දා ඔයා මගෙන්

වැරදි කරලා ඔයා හැමදා
මට වැරදිකාරයා කියා
වෙන් වී ගියත් රිදවා එදා
අමනාප නෑ වුණේ කිසිදා


හැමදාම ඔබ මාගෙ පවසා
කඳුලේම උන් කාලෙ පෙරදා
දැණුනේම නෑ ඔහුගෙ කියලා
හිතුවේම ඔබෙ වෙන්න මතු දා
පිළිගන්න අදිමදි කලා
මගේ පණ ඈත යනු දැකලා

වැරදි කරලා ඔයා හැමදා
මට වැරදිකාරයා කියා
වෙන් වී ගියත් රිදවා එදා
අමනාප නෑ වුණේ කිසිදා


හිත කීරි ගැහිලාම රිදුණා
ඔබ දන්නෙ නෑ නේද මේවා
මට යන්න බෑ මතක හැරදා
ඔය වාගෙ දුර ඈත පියඹා
හිනැහෙන්න අමතක වුණා
මතක් වෙන වාරයක් පාසා

වැරදි කරලා ඔයා හැමදා
මට වැරදිකාරයා කියා
වෙන් වී ගියත් රිදවා එදා
අමනාප නෑ වුණේ කිසිදා

රැවටුන තරම් ඔබ හින්ද මං
කවුරුත්ම දන්නෙ නෑ තවත්
කඳුළක තරම් දැණුනා හොඳින්
සමුගත්ත දා ඔයා මගෙන්

වැරදි කරලා ඔයා හැමදා
මට වැරදිකාරයා කියා
වෙන් වී ගියත් රිදවා එදා
අමනාප නෑ වුණේ කිසිදා


ගායනය - රුවන් හෙට්ටිආරච්චි
සංගීතය - කේෂාන් පෙරේරා
ගී පද - සජිත් චතුරංග


Comments

  1. හොද වැඩක්.ඔයා ගොඩක් මහන්සිවෙනවා වගේ පේනවා.ඔයාට පුළුවන්නම් සින්දුව අහන්න පුළුවන් ලින්ක් එකකුත් ලිරික්ස් එක්ක දාන්න.එතකොට හුගාක් වටිනව.
    මමත් හැදුවා පොඩි බ්ලොග් එකක්.ඇවිත් යනව නම් හරි සන්තෝෂයි.මේ තියෙන්නෙ මගේ ලින්ක් එක.
    http://cristogallary.blogspot.com/

    ReplyDelete
  2. OYAGE KALIN SONG 1 WAGEMA GODAK HIT WENA LASSANA SONG 1K ALL THE BEST

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...