මට වාසනා - ප්‍රියා සූරියසේන | Mata Wasana - Priya Sooriyasena


මට වාසනා ඔබ මට වාසනා
උපන් නූපන් හැම ආත්මයේ
මට ඔබ ඔබ මට වාසනා
ඔබ මට මට ඔබ වාසනා

ඔබේ නෙත් දොළොස් මහේ පහණ වේ
ඔබේ නෙත් දොළොස් මහේ පහණ වේ
කල මැන දල්වන්න ආරාධනා
කල මැන දල්වන්න ආරාධනා
පෙර භවයේ වියෝග අඳුරේ නිවුනු තැනින්

මට වාසනා ඔබ මට වාසනා
උපන් නූපන් හැම ආත්මයේ
මට ඔබ ඔබ මට වාසනා
ඔබ මට මට ඔබ වාසනා

සුරතින් සුළං මුවා කරලමි
සුරතින් සුළං මුවා කරලමි
නොනිමනු මැන ප්‍රේම ප්‍රාර්ථනා
නොනිමනු මැන ප්‍රේම ප්‍රාර්ථනා
අප අපගේ අනෝම ඇසුරේ වෙලෙමු සදා

මට වාසනා ඔබ මට වාසනා
උපන් නූපන් හැම ආත්මයේ
මට ඔබ ඔබ මට වාසනා
ඔබ මට මට ඔබ වාසනා
මට වාසනා

ගායනය, සංගීතය - ප්‍රියා සූරියසේන
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්




Comments