දෙව්දුවේ - බැටරි | Dewduwe - Battery


තරු අතරින් පියඹා
ඈ මගේ දෙසට ආවා
හද ගල් ගැහුනා සත්තයි
මීදුම අතරින් දැක්කා
ඒ සිනහව මන බැඳුනා
හද කිති කැව්වේ ඔබමයි
නාඳුන හැඟුමින් සිත කැළඹු‍නෙ ඒ මොහොතෙයි
ඒ දින තාමත් මතකයි
ඒ හැඟුමින් මගේ හද ගැහුනා මට දැනුනා
මේ මගේ ආදරයයි

මා වෙත පියමං තබන්න මගේ දෙව්දුවේ
දිවුරමි මා මේ මොහොතේ සදා ආදරේ
මා දිවියේ

ඇස්වලින් නුඹ ඉඟි පාලා
අඳුරත් දැන් දුරු වීලා
මගේ හද මුසපත් වූවයි
වළාකුළකින් බැහැලා
මා දිවි සංසිඳවාලා
දෙව්දුව ඔබ මාගේමයි
නාඳුන හැඟුමින් සිත කැළඹු‍නෙ ඒ මොහොතෙයි
ඒ දින තාමත් මතකයි
ඒ හැඟුමින් මගේ හද ගැහුනා මට දැනුනා
මේ මගේ ආදරයයි

මා වෙත පියමං තබන්න මගේ දෙව්දුවේ
දිවුරමි මා මේ මොහොතේ සදා ආදරේ
මා දිවියේ

සැමදා ළඟ ඉන්නම්
දිවි ඇති තෙක් රැක ගන්නම්
ඔබ මාගේමයි සදා
අප හදවත් එක් වූ දින ඉදලා
සතුටින් ඉමු ඔබ හා මා

මා වෙත පියමං තබන්න මගේ දෙව්දුවේ
දිවුරමි මා මේ මොහොතේ සදා ආදරේ
මා දිවියේ


ගායනය - බැටරි - battery
ගී පද - නෙකිත ද සිල්වා, බැටරි


Comments